Back

ඉතිහාසය විගඩමක් ලෙස පුනරාවර්තනය වීම

මාක්ස් කියූ පරිදි ඉතිහාසය පුනරාවර්තනය වන්නේ විගඩමක් ලෙසයි. පේරු රාජ්‍යයේ 1992 දී ජනාධිපති ලෙස තේරී පත් වූ ඇල්බර්ටෝ ෆුජිමෝරි එරට කොන්ග්‍රසය හමුදා යවා වසා දමා, ඊළඟ වසර අට තුළ ඒකාධිපතියෙකු ලෙස පාලනය කළා. දශක තුනකට පසුව, 2021 ජූලි මාසයේ එරට අලුතින් පත් වූ පෙඩ්රෝ කැස්ටිලෝ එයම කිරීමට සිය පාලනයට වසරක් ගත වූ සැනින් උත්සාහ කළා. දෙසැම්බර් 7 වැනිදා ඔහු කියා සිටියේ, කොන්ග්‍රසය වසා දමන බවත්, නව බලතල සහිත අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන බවත්, අධිකරණය සහ නඩු පවරන්නන්ගේ කාර්යාලය “ප්‍රතිසංවිධානය කරන” බවත්. උත්සාහය තිබුණෙ පැය කිහිපයක් පමණයි.

වහා කොංග්‍රසය රැස් වී වැඩි ඡන්දයෙන් ඇල්බර්ටෝ ෆුජිමෝරි බලයෙන් පහ කළා. ඒ කියන්නෙ පේරු කොංග්‍රසය ඔහුව දෝෂාභියෝගයට ලක් කළා. පසුව ඔහු මෙක්සිකානු තානාපති කාර්යාලයට සරණාගතභාවය පතා ගෙන යමින් සිටියදී කැරලිකාරී තත්ත්වයක් ඇති කිරීමට යාමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමට පේරු පොලිසිය තීරණය කළා.

We use cookies to give you the best experience. Cookie Policy