කොමියුනිස්ට්වාදීන්
ගත යුතු මග

පලස්තීනය නිදහස් කර ගැනීම සඳහා

බ්‍රිතාන්‍යයේ පිහිටි ජාත්‍යන්තර මාක්ස්වාදී ප්‍රවණතාවය (International Marxist Tendency) වාම සංවිධානයයේ, ‘මාක්ස්වාදී හඬ (Marxist Voice)ට පලස්තීන අරගලය සමඟ ජාත්‍යන්තර සහයෝගීතාවය වර්ධනය කරන්නේ කෙසේදැයි කාලේඩ් මලාචි පැහැදිලි කරයි. 

ජාත්‍යන්තර මාක්ස්වාදී ප්‍රවණතාවය (International Marxist Tendency) නියෝජනය කරමින් කරන මෙම පැහැදිලි කිරීමේදී Khaled Malachi ඊශ්‍රායලය-පලස්තීනයේ තත්ත්වය, කොමියුනිස්ට්වාදීන් විසින් ගත යුතු ආස්ථානය සහ පලස්තීන අරගලය සමඟ ජාත්‍යන්තර සහයෝගීතාවය සංවිධානය කිරීමට බ්‍රිතාන්‍යයේ දී අපට කළ හැකි දේ ගෙනහැර දක්වයි.

පලස්තීන ජනතාවට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යයේ නවතම ආක්‍රමණය බ්‍රිතාන්‍යය පුරා විරෝධතා රැල්ලක් අවුලුවා තිබේ.

මේ අතර, බ්‍රිතාන්‍ය පාලක පන්තියේ සහ ඔවුන්ගේ දේශපාලකයන්ගේ සහ මාධ්‍ය කටකතාවල ජුගුප්සාජනක කුහකකම සහ මුසාවාදයේ පූර්ණ සංදර්ශනයක් අපි දැක ඇත්තෙමු.

බ්‍රිතාන්‍යයේ වෙසෙන, ගාසා තීරය ආක්‍රමණය කිරීම සහ පලස්තීනුවන්ට දිනපතා ඇති කරන භීෂණය ගැන බල රහිත බවක් දැනීම පහසුය. “නමුත් අපි සංවිධානය වෙනවා නම් අපිට තේරෙනවාට වඩා බලයක් තියෙනවා”.

පලස්තීන කම්කරුවන්ගේ හා තරුණයන්ගේ අරගලයට සහය දැක්වීමට බ්‍රිතාන්‍යයේ කොමියුනිස්ට්වාදීන්ට කළ හැක්කේ කුමක්ද යන දැවෙන ප්‍රශ්නය මෙම කතාවේදී Khaled Malachi ආමන්ත්‍රණය කරයි. පහත සබැඳියාවෙන් ජාත්‍යන්තර මාක්ස්වාදී ගුවන් විදුලියේ ‘Marxist Voice’ හි කාලේඩ් මලාචිට සවන් දිය හැකියි.

We use cookies to give you the best experience. Cookie Policy