Back

දෙවියන්ගේ වැරදි මැවීම

Ayelet Shaked කියන්නෙ ඉහළ මධ්‍යම පාන්තික ඊශ්‍රායල මෘදුකාංග ඉංජිනේරු උපාධියක් සහිත මෝස්තර නිරූපිකාවක්. New Right නම් වූ ඊශ්‍රායලයේ ඇති ලෞකික-ආගමික ජාතිවාදී, වර්ගවාදී අන්ත දක්ෂිණාංශික කණ්ඩායමේ නායිකාවක් වන එරට හිටපු (2015-2019) අධිකරණ අමාත්‍යවරිය හා වර්තමාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරිය. ඇය 2019 ඊශ්‍රායලයේ පැවැති මහමැතිවරණයේ ප්‍රචාරණ සමයේ අවසන් දින සිය දෙවැනි මැතිවරණ ජයග්‍රහණය උදෙසා ඇඟ කිළිපොළා යන ව්‍යාජ සුවඳ විලවුන් වෙළඳ දැන්වීමක් කළා. සුවඳ විලවුන් වර්ගයේ නම “ෆැසිස්ට්වාදය” (Fascism). සිය දැන්වීමේ ඇය ෆැසිස්ට්වාදී සුවඳ විලවුන් බෝතලයෙන් දෙපාරක් ඇඟට ස්ප්‍රේ කර කැමරාව දිහා බලාගෛන කියන්නෙ, “…හම්ම්… මට නං එන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයේ සුවඳ” (Smells like democracy to me) යනුවෙන්. එකෙනෙහිම, පසුබිම් කථකයා  හෙබ්‍රෙව් භාෂාවෙන් ඇගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිපත්ති ගැන මුමුණනව. “අධිකරණ විප්ලවය, අධිකරණ ක්‍රියාකාරීත්වය අඩු කිරීම. විනිසුරුවන් පත් කිරීම පාලනය,. ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කිරීම”. මෙය ෂේක්ඩ්ගේ අන්ත ජාතිකවාදී සහ ඒකාධිපති ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීමක් ලෙස පෙන්වා දෙන විචාරකයින් කියන්නේ මේ විහිළුව සත්‍යයට ඉතා සමීප බව. ඊශ්‍රායලයේ වමට එරෙහිව පවතින ව්‍යාපාරයේ සැබෑ දේශපාලන ඉලක්කය වන්නේ ෂේක්ඩ් සහ නෙතානියාහු විසින් බෙදාගත් ස්ථාවරය නීත්‍යානුකූල කිරීම බව. ඇයගේ අන්ත දක්ෂිණාංශික පක්ෂය පසුගිය කාලයේ එරට මානව හිමිකම් සංවිධාන මර්දනය කිරීමටත්, අපයෝජන චෝදනාවලට ලක් වූ සොල්දාදුවන් සම්බන්ධයෙන් නඩු විභාග කිරීමට ඊශ්‍රායල අධිකරණයට ඇති හැකියාව අඩු කිරීමටත් උත්සාහ කළා. ඇය කරන්නෙ ‘වචන’ වෙනුවට ‘පෙනී සිටීම’. ගිරිය කඩාගෙන කෑ ගැසීමට ප්‍රතිරෝධයක්.

දේශපාලනයෙදි ‘ප්‍රචාරණය’ කියන්නෙ වැදගත් සහ ගොඩක් දේ කළ හැකි මාධ්‍යයක්. දේශපාලනය, කලාව සහ වෙළඳ ප්‍රචාරණය අතර මායිම ප්‍රශ්න කිරීමට අපට මේ හරහා ඇය යම් බලපෑමක් කරනව.

සාම්ප්‍රදායික මහලු, අළු හිසකෙස් ඇති පිරිමින් විසින් මෙහෙයවන ඊශ්‍රායල් ලෞකික දේශපාලනට ඇය බැරියර් බිඳගෙන එන බුල්ඩෝසරයක්. නමුත් විචාරකයන්ට අනුව ඇය ප්‍රජාතන්ත්‍රවාදය යටකරගෙන යන බුල්ඩෝසරයක්. දේශපාලන විචාරකයන්ට Ayelet Shaked ගැන තිබෙන අදහස කෙටි කළොත්, ඇය ‘දෙවියන්ගේ වැරදි නිර්මාණයක්’.

Ayelet Shaked ගේ මැතිවරණ ප්‍රචාරක දැන්වීම.

Israel's Justice Minister Sprays Herself With 'Fascism'

We use cookies to give you the best experience. Cookie Policy