හමාස්

හෙළා දකින සිංහල වමට

තිලක් කෝදාගොඩ

“අපි සාමාන්‍ය ජනතාවට එල්ල කරන සියලුම ප්‍රහාර හෙළා දකිනවා.”

(We condemn all the attacks on civilians)

වාසිලි නෙබෙන්සියා (Vasily Nebenzia)
රුසියාවේ එක්සත් ජාතීන්ගේ තානාපති

මේ අපි හැමෝටම හරියන සදාචාරාත්මක උත්තරයයි. අපි කැමති සදාචාරාත්මක උත්තරයයි. අපි නොබියව වර නගන සදාචාරාත්මක උත්තරයයි. දිය හැකි වඩාත් දක්ෂිණාංශික, වඩාත් ලිබරල්වාදී හා වඩාත් වාමවාදී සදාචාරාත්මක උත්තරයයි. මෙය තවත් විස්තර කර කියන්නට අවශ්‍ය නම්, ඊශ්‍රායල් – පලස්තීන යුද ගැටුම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය තම දේශපාලන ස්ථාවරය අලලා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ කොටසක් මගින් පෙන්වා දිය හැකියි.

“…හමාස් සංවිධානය ඊජිප්තුව, ඉරානය සහ තුර්කිය වැනි කලාපයේ ප්‍රතිගාමී, ෆැසිස්ට් ලක්ෂණ සහිත ඉස්ලාමීය පාලන තන්ත්‍රයන් සමඟ සහයෝගීව කටයුතු කරන ආගමික මූලධර්මවාදී සංවිධානයක් වීම මෙම විනාශකාරී සහ වැරදි අදහස යුක්තියුක්ත කිරීම සඳහා යොදවා ගනිමින් සිටී… දිගු කාලයක් පුරා ඊශ්‍රායල පාලනය පලස්තීනයේ සිවිල් වැසියන් ඝාතනය කළ අතර මෙවර හමාස් ප්‍රහාරය ඊට ප්‍රතිචාරයක් ලෙස එල්ල වූවක් වුව ඊශ්‍රායල සිවිල් වැසියන් ඉලක්ක කරගත් ප්‍රහාර එල්ල කිරීම සහ ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීම ඇතුළු ක්‍රියා අපි හෙළා දකිමු…”

Read More:- www.theleader.lk

ඒ අනුව, මෙහි ඇත්තේ කුමක්ද? එනම්, ‘සියලු ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි’ යන ‘දේශපාලන ස්ථාවරයක්’ රහිත හුදු සදාචාරවාදී ස්ථාවරයයි. මූලධාර්මික වාම දේශපාලනික අඩංගුවක ඌනතාවයයි. ලංකාවේ දෙමළ ජනයාගේ ජාතික නිදහසට අදාළ ‘ජාතික ප්‍රශ්නයේදි’ මෙන් කිසියම් භෞතික දේශපාලන සංසිද්ධියකදී ලංකාවේ ‘සිංහල වමට’ අදටත් ඇති දේශපාලන ස්ථාවරයක් ගැනීමට නොහැකි සරල දේශපාලන මූලධාර්මික හයිය පිළිබඳ වන ගැටළුව සහ ‘හෙළා දැකීම’ පිළිබඳ වන අධිපතිවාදී මාධ්‍යයේ දේශපාලන දර්ශනයට අනන්‍යව දේශපාලනය කිරීම පිළිබඳ වන ගැටළුවයි. 

අපගේ ප්‍රස්තුත කරණය හෙවත් ‘පලස්තීන ජනයාගේ නිදහස පිළිබඳ ප්‍රශ්නය’ ට අදාළව අධිපතිවාදී ජනප්‍රිය මාධ්‍ය විසින් වර නගන ප්‍රශ්නය වන්නේ ‘ඔබ හමාස් හෙළා දකිනවාද?’ යන්නයි. ලංකාවේ වමේ සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධිපතිවාදී ජනප්‍රිය මාධ්‍ය විසින් වර නගන්නටත් පෙර අධිපතිවාදී මාධ්‍යයේ දේශපාලන දර්ශනයට අනුගතව ඉකිමනින්ම ‘හමාස් හෙළා දැක’ ඇත. මේ සෑම දක්ෂිණාංශකයෙකුම සෑම ලිබරල්වාදියෙකුම හා බහුතර වාමාංශිකයෙකුම විශ්වාස කරන්නේ, ඔවුන් කිසියම් වියුක්ත සදාචාරාත්මක මූලධර්මයක් උල්ලංඝණය කිරීමේ අවදානමක් ගන්නා බවත්, එමඟින් “මධ්‍යස්ථ හා සමබර මිනිසුන්” ලෙස ඔවුන්ව ප්‍රක්ෂේපණය කිරීමේ හැකියාව නැති කර ගත හැකි බවත්ය. මේ ධනවාදයේ මාධ්‍ය දේශපාලන දර්ශනයට ප්‍රතිවිරුද්ධව යමින් හා කිසියම් දේශපාලන සංසිද්ධියකදී සෘජුව සිය මූලධාර්මික දේශපාලන ස්ථාවරය ප්‍රකාශ කරන මිනිසුන් දෙදෙනෙකුගේ ප්‍රකාශ අපි ඔබට දැන් උපුටා දක්වන්නෙමු., එනම්, ‘මධ්‍යස්ථ හා සමබර’ නම් වූ නපුංසක වැනෙන සුළු ස්ථාවරය වෙනුවට “නැහැ, මම එසේ නොකරමි” යැයි හෝ “නැහැ, අපි හෙළා නොදකිමු” යැයි කියන සෘජු මිනිසුන්  දෙදෙනෙකු අපි ඔබට දැන් මුණ ගස්සන්නෙමු. 

මෙමගින් අපි අපේක්ෂා කරන්නේ අන් කිසිවක් නොව, “නැහැ – මම හෙළා නොදකිමි” යැයි පැවසීමේ හැකියාව ඇති රැඩිකල් ඛණ්ඩනය සළකුණු කිරීමත්,සැබෑ දේශපාලනය වන්නේ නියැලීමේ ව්‍යාජ නීති ඉවත් කර ඒවා ‘පීඩිතයාගේ පැත්තෙන් නැවත අර්ථකථනය කිරීම’ අවධාරණය කිරීමත්ය. ඒ සඳහා දේශපාලන ආර්ථික විශ්ලේෂකයෙකු හා වාම දේශපාලන ක්‍රියාධරයෙකු වන යානිස් වරුෆාකිස් (Yanis Varoufakis), ලේඛකයෙකු හා මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන ක්‍රේග් මරේ (Craig Murray) හා ලේඛකයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු වන ක්‍රිස් හෙජස් (Chris Hedges) වැනි අය විසින් ප්‍රකාශ කරන ලද පැහැදිලි මූලධාර්මික දේශපාලනික ස්ථාවරයේ වැදගත්කම හා හෙළා දැකිම නම් අධිපති මාධ්‍යයේ දේශපාලන දර්ශනයට අභියෝග කිරීමයි.

“හමාස් ප්‍රහාරය හෙළා දැකීමට මගෙන් හෝ Dem25 ව්‍යාපාරයෙන් දැඩි උත්සාහයක් ගන්නා අයට එය කිසිදා නොලැබෙනු ඇත. මෙහි සිටින අපරාධකරුවන් හමාස් නොවේ… අපරාධකරුවන් යුරෝපීයයන්ය” එමෙන්ම, මෙහි අපරාධකරුවන් වන්නේ ආක්‍රමනිකයන් මිස එහි පදිංචිකරුවන් නොවේ.”

Read More: www.instagram.com  |  www.youtube.com

– යානිස් වරූෆාකිස් (Yanis Varoufakis)
දේශපාලන ආර්ථික විශ්ලේෂක

“…යටත් විජිතකරණයට ලක් වූ සහ පීඩාවට ලක්වූ ජනතාව, අධිපති විජිතයන්ගෙන් දිගින් දිගට සිදුකරන පීඩාවට එරෙහිව, සමහර අවස්ථාවල ඔවුන්ගේ පීඩකයා විසින් ඔවුන්ට සිදු කරන ආකාරයේ කුරිරුකම් පිළිබිඹු කිරීමට නැඹුරු වෙති.

සෑම විටම, මෙවැනි අවස්ථා අධිපතිවාදී මාධ්‍යයේ ප්‍රචාරණයට හේතුවේ. මේ අධිපතිවාදී මාධ්‍ය ප්‍රචාරණය පීඩිතයන්ගේ ‘ප්‍රතිරෝධයේ ආවේගය’ (A paroxysm of resistance) සෑම විටම ආවරණය වන්නේ යටත් විජිත ජනතාවගේ තිරිසන්කමේ සාක්ෂියක් ලෙසත් යටත් විජිත අධිරාජ්‍යයන්ගේ “ශිෂ්ට මෙහෙවර” සාධාරණීකරණය කිරීමක් ලෙසත් ය.

සියලුම යුද්ධවලදී මෙන් මිය යන සියල්ලන් ගැන මම අතිශයින් කණගාටු වෙමි. එක් එක් ඊශ්‍රායල සොල්දාදුවන්ගේ මරණය ගැන පවා, ඊටත් වඩා මියගිය සහ දැන් මිය යන සියලුම පීඩිතයින් ගැන මම අතිශයින් කනගාටු වෙමි.

නමුත් මම ‘හමාස් හෙළා දකින්නේ නැත…”

Read More: www.google.de

ක්‍රේග් මරේ (Craig Murray)
ලේඛක හා මානව හිමිකම් ක්‍රියාධර

“…විශාල ප්‍රචණ්ඩත්වය අවසානයේ පලස්තීන අභිලාෂයන් තලා දමනු ඇතැයි ඊශ්‍රායලයට ඒත්තු ගොස් ඇත. එය වැරදියි… ඊශ්‍රායල ජාතිකයින්ට අසීමිත ලෙස වෙඩි තැබීම, සිවිල් වැසියන් පැහැර ගැනීම,ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීම, ටැංකිවල සිට ස්වයංක්‍රීය මැෂින් තුවක්කුවලින් ප්‍රහාර එල්ල කිරීම හා විවිධ ඉලක්ක වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම ඊශ්‍රායල ආක්‍රමණිකයාගේ හුරුපුරුදු භාෂාවයි. 

සියොන්වාදී මිලිටරිය ඓතිහාසික පලස්තීනයෙන් 78%කට වඩා අල්ලාගෙන, පලස්තීන ගම්මාන සහ නගර 530ක් පමණ විනාශ කර, සමූලඝාතන 70කට වැඩි ප්‍රමාණයකින් පලස්තීනුවන් 15,000ක් පමණ මරා දැමූ දා සිට පලස්තීනුවා (හමාස්) ඊශ්‍රායලයට මෙම ලෙයින් තෙත් වූ ප්‍රචණ්ඩ භාෂාවෙන් කතා කළේය. 1947 සිට 1949 දක්වා කාලය තුළ පලස්තීනුවන් 750,000ක් පමණ වාර්ගික වශයෙන් ශුද්ධ කර 1948 දී ඊශ්‍රායල රාජ්‍යය නිර්මාණය කරන ලදී. 

පිළිකුල් කිරීමට තරම් ප්‍රචණ්ඩත්වයක් මම වසර හතක් තිස්සේ මාධ්‍ය ආවරණය කළ ඊශ්‍රායල වාඩිලාගෙන සිටින ප්‍රදේශවල දැක ඇත්තෙමි. ප්‍රචණ්ඩත්වය මගින් ස්ථාපිත කර පවත්වාගෙන යන පාලන තන්ත්‍රයන් ප්‍රචණ්ඩත්වය ජනිත කරයි. හයිටි විමුක්ති යුද්ධය. කෙන්යාවේ මවු මවු. දකුණු අප්‍රිකාවේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය. මෙම නැගිටීම් සෑම විටම සාර්ථක නොවන නමුත් ඒවා හුරුපුරුදු රටාවන් අනුගමනය කරයි. ජාත්‍යන්තර නීතිය යටතේ සියලුම යටත් විජිත ජනතාවට මෙන්ම පලස්තීනුවන්ටද සන්නද්ධ ප්‍රතිරෝධයක් දැක්වීමට අයිතියක් ඇත. පලස්තීනුවන් සමඟ සාධාරණ විසඳුමක් සඳහා ඊශ්‍රායලයට කිසිදා උනන්දුවක් නොතිබුණි. එය වර්ණභේදවාදී රාජ්‍යයක් ගොඩනැගූ අතර වාර්ගික සුද්ධයක් දියත් කිරීමේ මන්දගාමී එහෙත් දරුණු ව්‍යාපාරයක් විසින් පලස්තීන භූමියෙන් විශාල ප්‍රමාණයක් ක්‍රමානුකූලව අවශෝෂණය කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2007 දී ගාසා තීරය ලොව විශාලතම එළිමහන් බන්ධනාගාරය බවට පත් කළේය.

ඊශ්‍රායලයට රිංගාගත් බොහෝ ප්‍රතිරෝධක සටන්කාමීන් තමන් මරා දමන බව නිසැකවම දැන සිටියහ. නමුත් වෙනත් විමුක්ති සටන්වල ප්‍රතිරෝධක සටන්කරුවන් මෙන් ඔවුන් තීරණය කළේ ඔවුන්ට ජීවත් විය හැකි ආකාරය තෝරා ගැනීමට නොහැකි නම්, ඔවුන් මිය යන ආකාරය තෝරා ගැනීමයි…..

මම දෙවන ලෝක යුද්ධයේ වර්සෝ ගෙටෝ (Warsaw Ghetto) නැගිටීමේ සන්නද්ධ ප්‍රතිරෝධයේ කොටසක් වූ Alina Margolis-Edelman ගේ සමීප මිතුරෙක්මි. ඇගේ ස්වාමිපුරුෂයා වන Marek Edelman, එම නැගිටීමේ නියෝජ්ය අණ දෙන නිලධාරියා වූ අතර යුද්ධයෙන් දිවි ගලවා ගත් එකම නායකයා විය. ඔහුට අනුව, මේ තත්ත්වය දෙවන වියට්නාමයක් දක්වා, අවසාන විසඳුමේ අපේක්ෂාවකින් තොරව නිරන්තර උත්සන්න වන යුද්ධයක් දක්වා පිරිහී යනු ඇත.

‘යුදෙව්වෙකු වීම යනු සැමවිටම පීඩිතයන් සමඟ සිටීම මිස කිසි විටෙකත් පීඩකයන් සමඟ සිටීම නොවේ’ එඩෙල්මන් පැවසීය……”

Read More:  www.commondreams.org

ක්‍රිස් හෙජස් (Chris Hedges)
ලේඛක හා මාධ්‍යවේදී

VIDEO

We use cookies to give you the best experience. Cookie Policy